රනිල්ගේ අනුරට ප්‍රශංසා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවයි.