ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති එම හමුවේදී මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ADB හි කාර්යභාරය යළිත් අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩි අවධානයක් යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ADB නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share This