අද සිට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම
දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් අද (23) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසනවා.
අද සිට උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීම සිදුවන බවයි පොලීසිය පැවසුවේ.
අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කාලසීමාව තුළ අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනයේ නිරත වන රියදුරන් සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතිනවා.