චිඩෝ සුළි කුණාටුවෙන් මොසැම්බික් හි මියගිය ගණන ඉහළට
චිඩෝ සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික් හි මියගිය සංඛ්‍යාව 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පැයට කිලෝමීටර් 260ක වේගයෙන් හමා ගිය සුළි කුණාටුවෙන් 768 දෙනෙකු තුවාල ලබා 622,000කට පමණ පීඩා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට නිවාස 140,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.