TikTok මෘදුකාංගය අමෙරිකාව තුළ යම් කාලයක් ක්‍රියාත්මක කිරීමට Donald Trump ගේ කැමැත්ත
ලොව අතිශය ජනප්‍රිය කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Donald Trump ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ(22) ඇරිසෝනාහි පැවති සමුළුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
එහිදී Trump පවසා ඇත්තේ, තම රට තුළ ද tiktok වේදිකාව මත බිලියන ගණනක දර්ශන සහිතව ඉහළ ප්‍රතිචාර ලබා ඇති බැවින්, ඇතැම් විට අප එය තවත් යම් කාලයක් පවත්වා ගැනීමේ වටිනාකමක් ඇති බවයි.
TikTok මෘදුකාංගයේ මව් සමාගම වන ByteDance සමාගම විසින් දින 270 ක් තුළ, චීන නොවන සමාගමකට TikTok අලෙවි කළ යුතු බවත්, නොඑසේ නම් ඇමරිකාවේ එම මෘදුකාංගය තහනම් කෙරෙනු ඇති බවත් සඳහන් වන පනතක් පසුගිය අප්‍රේල් මාසයේදී එරට කොංග්‍රසය විසින් සම්මත කළ අතර ඊට ජනාධිපති Joe Biden මහතා ද අත්සන් තැබූ බව වාර්තා වුණා.
අනතුරුව TikTok මෘදුකාංගයට එරෙහිව ඇමරිකානු රජයේ බලහත්කාරී විකුණුම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුගියදා හදිසි ඉල්ලීමක් ද සිදු කර තිබූ බව සඳහන්.
පසුව එම බලහත්කාරී විකිණීමේ නියෝගය ව්‍යවස්ථා විරෝධී ද යන්න පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරන බවයි අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වනදා ප්‍රකාශ කර ඇත්තේ.