යළිත් පහළ ගිය උද්ධමනය
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය -0.7%ක් ලෙස වාර්තා වී තිබුණා.
එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% ක් දක්වාත් පහළ ගොස් ඇති බව සඳහන්.