චීනය සමග සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බවට යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක්
චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා.
Kiev හිදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා එරට නව චීන තානාපති Ma Shengkun මහතාගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රීය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් නව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ, චීනය හා යුක්රේනය උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුත් රටවල් දෙකක් බවත් චීනය සෑමවිටම දිගුකාලීන දැක්මකින් යුක්රේනය සමග සබඳතාව පිළිබඳව සළකා බලමින් අදාළ සැලසුම් සම්පාදනය කරන බවයි.
එමෙන්ම චීනය යුක්රේනය සමග එක්ව දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ඒ ඒ ක්ෂේත්රවල අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමෙන්, ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.