අමෙරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට චීනයේ අප්‍රසාදය
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ලබන මූල්‍ය වර්ෂයේ අමෙරිකාවේ හමුදාමය පිරිවැය ඇ.ඩො. බිලියන 895ක් දක්වා ඉහල නැංවෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ජාතික ආරක්ෂක පිරිවැය පනත පිළිබඳව චීනය සිය අප්‍රසාදය පළ කර ඇති අතර චීනයට අදාළ සෘණාත්මක කරුණු එහි ඇතුළත් වීම ඊට මූලික වී තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ, මෙම පනත“චීනයේ තර්ජනය”මතු කරමින් තායිවානයට යුදමය ආධාර ලබා දෙමින් චීන-අමෙරිකා සම්බන්ධතා ස්ථාවර කිරීමේ උත්සාහයට බාධා කර ඇති බවයි.
මේ පිළිබඳව චීනය අමෙරිකාවට දැඩි අප්‍රසාදය පළ කරන බව ද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම තායිවානයට යුදමය ආධාර ලබාදීම නතර කරන ලෙසත්, විද්‍යා තාක්ෂණය සහ ආර්ථික හා වෙළඳ කරුණු දේශපාලනීකරණයට ලක්කිරීම නතර කරන ලෙසත්, සිය හමුදාමය පිරිවැය වැඩි කිරීම හා ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා නිදහසට කරුණු සෙවීම නතර කරන ලෙසත්, චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි ඇය මෙහිදී සඳහන් කළේ.
තවද, අමෙරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතේ ඇතුළත් චීනයට අදාළ සෘණාත්මක වගන්ති බලාත්මක නොකළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර තිබෙනවා.