සුනාමියට දශක දෙකයි
ජීවිත 40,000 කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 20ක් සපිරෙනවා.
සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පන තත්ත්වය හේතුවෙන් 2004 වසරේ ඉන්දුනීසියාව ඇතුළු මෙරට මුහුදු බඩ ප්‍රදේශවල මෙම සුනාමි ව්‍යසනය ඇති වූ අතර එයින් ජීවිත 40,000කට අධික ප්‍රමාණයක් අහිමි වුණා.
මෙම ඛේදවාචකයෙන් අතුරුදන් වූ පිරිස් 5000 කට අධික වන අතර සිදුවූ දේපළ හානිය ද ඉමහත්.
මේ සමගම විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන ජාතික සුරක්ෂිතතා දිනය අද (26) සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙහිදී ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.