යෝෂිතට රහස් පොලීසියෙන් කැඳවීමක්

යෝෂිතට රහස් පොලීසියෙන් කැඳවීමක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 03 වැනි දින එලෙස යෝෂිත රාජපක්ෂ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබෙන්නේ.

අයතා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මත ඒ මහතාට මෙම කැඳවීම කර ඇති බව සඳහන්.

තවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඒ මහතා සතුව පවතින විශාල ප්‍රමාණයක වත්කම් හා දේපළ පිළිබඳව ලැබී තිබූ පැමිණිල්ලක් අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අනුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව සඳහන්.

මින් පෙර අවස්ථා ගණනාවක ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොතිබුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This