ලක්ෂ 90ක අල්ලස් ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 90ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටකෝට්ටේ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
පැමිණිලිකරුගේ නැන්දනියට අයත් ටොරින්ටන් අවේනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.