මැදපෙරදිග කලාපය, ඉන් පිටත රාජ්‍යන් හි දේශපාලන ගොඳුරක් නොවිය යුතු බව චීනය සහ ඉරානය අවධාරණය කරයි

මැදපෙරදිග කලාපය, ඉන් පිටත රාජ්‍යන් හි දේශපාලන ගොඳුරක් නොවිය යුතු බව චීනය සහ ඉරානය අවධාරණය කරයි

චීනයේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා අද බෙයිජිං හි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා හමුවී තිබෙනවා.

චීන-ඉරාන විස්තීර්ණ සහයෝගීතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනයන් හි ද නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සහ වෙළඳ යන ක්ෂේත්‍රයන් හි රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමටත් මෙහිදී දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව සඳහන්.

මැදපෙරදිග කලාපය අයිති වන්නේ මැදපෙරදිග ජනතාවට බවත් එය මහා බල තරඟයකට පිටියක් නොවන බවත් කලාපයෙන් පිටත රටවල් අතර භූ දේශපාලන තරඟයේ සහ ගැටුම්වල ගොදුරු නොවිය යුතු බවටත් මෙහිදී දෙපාර්ශවයම එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තවද ඉරාන න්‍යෂ්ටික ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා විසඳා ගැනීමට මෙන්ම ඊට අදාළ විස්තීරණ ගිවිසුම ආරක්ෂා කිරීමටත් චීනය සැමවිටම පෙනී සිටින බව ද Wang Yi මහතා මෙහිදී අවධාරණය කළ බවයි චීන මාධ්‍ය සමූහය පවසන්නේ.

Share This