දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළට
දකුණු කොරියාවේ සිදුවූ මගී ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 176 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට එරට මුආන් ගුවන්තොටුපොළට බලා ගමන් ගත් එම යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එය අනතුරට ලක්ව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 181 දෙනෙකු සිට ඇති බව සඳහන්.
අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබූ අතර ගින්න නිවාදැමීමට බලධාරීන් කටයුතු කර තිබුණා.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු දකුණු කොරියානු ජාතිකයින් වන අතර යානයේ සිටි දෙදෙනෙකු පමණක් මුදාගැනීමටයි හැකි වී තිබුණේ.
අදාළ යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එරට බලධාරීන් සැක පළ කරන්නේ යානය ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවටයි.