ලොව දිගම උමගේ ඉදි කිරීම් සම්පූර්ණ කරයි
ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට චීනය සමත් වී තිබෙනවා.
මේ සමඟින් චීනයේ ශින් චියං උයිගුර් ස්වයාත්තයේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් විවෘත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ටියැන් ෂන් ෂෙං ලි ( Tianshan Shengli ) උමග කිලෝමීටර 22.13ක දුරකින් යුක්ත වනවා.
එමගින් ටියැන් ෂන් කඳුකරයේ මධ්‍යම කොටස හරහා ගමන් කිරීම පැය කිහිපයක සිට විනාඩි 20ක් දක්වා අඩු කෙරෙන බව සඳහන්.
උරුමුචි – යුලි (Urumqi-Yuli ) අධිවේග මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසට එය සැලකෙන අතර ලබන වසරේදී මෙම අධිවේග මාර්ගය රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිතයි.
මෙම උමගේ ඉදිකිරීම් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරුණා.
අධික සීතල, ඉහළ උන්නතාංශය, උස් බිම් ආතතිය, දැඩි භූගර්භ ක්‍රියාකාරීත්වය, දැඩි පාරිසරික ආරක්ෂණ අවශ්‍යතා වැනි අභියෝග රැසක් මධ්‍යයේ එහි ඉදිකිරීම් සිදුකර තිබෙනවා.