මාතර බන්ධනාගාරයේ වහලකට අත්තක් කඩා වැටී රැඳවියෙක් මරුට
මාතර බන්ධනාගාරයේ පිහිටි ගොඩනැගිලි 02 ක වහලය මතට බෝගසේ අත්තක් කඩා වැටී සිදු වූ අනතුරකින් රැඳවියෙක් මිය ගොස් තිබෙනවා
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ තුවාල ලැබූ සැකකරුවන් 11ක් හා සිරකරුවන් 01ක් කඩිනමින් ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ සිරකරුවෙකු මිය ගොස් ඇති බවයි
ඊයේ (01) රාත්‍රී 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා
මෙලෙස මිය ගොස් ඇ ත්තේ සිරකරු මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 02ක සිරදඩුවම් නියමව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවෙකු වන අතර, වයස අවුරුදු 32 ක මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද්ධ හමුදාව යන ආරක්ෂණ අංශ බන්ධනාගාර පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ අතර, මාතර බන්ධනාගාරය මගින් සිදුවීම සම්බන්ධයනේ විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා