යෝෂිත CIDයට – ශිරන්ති ඉදිරි සති දෙකේදී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා
ඒ අනුව ඔහු කැඳවා ඇත්තේ කතරගම මැණික් ගඟ ප්රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහායි
මේ අතර රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඉදිරි සති දෙක තුළදී ශිරන්ති රාජපක්ෂ මහත්මියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ