ලෝක බැංකු අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන අගමැතිනියගේ අවධානය
මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
එහිදී පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල්, වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
විශේෂයෙන් පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය විශේෂ අවධානය යොමු කර ඇති අතර මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්රය දියුණු කිරීම පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.