චීනයේ Qinghai-Tibet සානුවෙන් ටොන් මිලියන 20 ඉක්ම වූ නව තඹ ආකරයක් සොයාගනී

චීනයේ Qinghai-Tibet සානුවෙන් ටොන් මිලියන 20 ඉක්ම වූ නව තඹ ආකරයක් සොයාගනී

චීනයේ Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අදාළ සානුව ආශ්‍රිතව මේවනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.

කෙසේවෙතත් Qinghai-Tibet සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150 ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇතු බවට වාර්තා පළ වනවා.

ඒ අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද සඳහන්.

මෙම සොයාගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති.

Share This