උතුරු මැද පළාතේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කළින් පිටවෙයි

උතුරු මැද පළාතේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කළින් පිටවෙයි

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබෙනවා.

ඒ අනුව උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ.

විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති.

Share This