උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක්
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශය ප්රකාශ කළා.
ඒ අනුව හැකි ඉක්මනින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය අදාළ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ප්රමාද කිරීමට සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.