HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් බව චීන විදේශ අමාත්‍යංශය කියයි
සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.
මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාවෙහි යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමත් සමඟ චීනයෙන් “නාඳුනන වෛරසයක් ” බිහි වූ බවට අන්තර් ජාලයේ වාර්තා වීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අදාළ තොරතුරු පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිරයාමේ පරිමාණය හා ප්‍රබලතාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව අඩු වී ඇති බවත්, වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර පවතින HMPV නම් වෛරසය, ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයක් බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
එබැවින් සාමාන්‍ය වෛරසයක්, නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවත් එය විද්‍යාවට අනුකූල නොවන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
චීන රජය සැමවිටම සිය ජනතාව හා චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් කොට සලකන බව ප්‍රකාශ කළ ඔහු යළි අවධාරණය කළේ, නිසි පියවර ගනිමින් චීනය දෙස් විදෙස් සංචාරකයන් සඳහා සැපවත් මෙන්ම සුරක්ෂිත සංචාරක පරිසරයක් වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවයි.