තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 15 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා

ඒ අනුව එහිදී රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.

Share This