ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි හතරක් මේ වන විට ඇවිලෙමින් පවතින බවයි

එමෙන්ම නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනි නිවන භටයින් ලෙස පෙනී සිටි දෙදෙනෙකු ද ඒ අතර වන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ

මේ අතර ලොස් ඇන්ජලීස් හි අවම වශයෙන් 35,000 කට තවමත් විදුලිය නොමැති බව සඳහන්

Share This