අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහනක්

අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහනක්

අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා

එහි පළමු අදියර 2025 – 2027 වර්ෂ තුළ ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා අඩු ආදායම්ලාභීන් තෝරා ගැනීම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් හා සහය ආයතනවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම දීප ව්‍යාප්තව මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව අංශ කිහිපයක් යටතේ අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර නිශ්චිත කාලයක් තුළ තෝරාගත් ග්‍රාම නිලධාරි වසමකින් පවුල් 50 ක් බැගින් මූලික අදියර යටතේ සවිබල ගැන්වීමට සැලසුම් කර තිබෙනවා

Share This