දවුලගලදී පැහැරගත් සිසුවිය පොලිස් භාරයට – ප්‍රධාන සැකකරුත් අත්අඩංගුවට

දවුලගලදී පැහැරගත් සිසුවිය පොලිස් භාරයට – ප්‍රධාන සැකකරුත් අත්අඩංගුවට

දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවිය පොලිස් භාරයට ගෙන ඇති අතර පැහැරගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සිදු කළ විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත අම්පාර ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන පොලිස් භාරයට ගෙන තිබුණා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසුවේ පැහැරගැනීම සිදුකළ ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ දී එම සැකකරු අම්පාර පොලිස් වසමේ සිටින බවට තොරතුරු අනාවරණය වූ බවයි

එමෙන්ම දැරිය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා

Share This