තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන තෛපොංගල් උත්සවයට අදට (14) යෙදී තිබෙනවා.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ ප්‍රධානතම අරමුණ බව සඳහන්.

නව වසරක උදාව ලෙස සලකමින් ලොව පුරා හින්දු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලංකික හින්දු බැතිමතුන්ද මෙම තෛපොංගල් දිනය මහත් හරසරින් සමරණු ලබනවා.

සියලු ජනයාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කරමින් හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකරයි.

Share This