බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.

ඒ අනුව කොළඹ වරායෙන් ඊයේ (13) දින බහාලුම් 459 ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගන වලින් බහාලුම් 242 ක් පරික්ෂා කොට නිදහස් කර ඇති බව සඳහන්.

රේගුවෙන් දිනකට බහාලුම් 500 ක් පමණ පරික්ෂා කොට නිදහස් කළ හැකි වුවත් නිෂ්කාෂන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළහැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අද (14) උදෑසන වනවිට භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් අද දින (14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල නියැලී සිටින බවයි වාර්තා වන්නේ.

 

Share This