කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තුව සංචාරකයින්ට වැසෙයි
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කලා ඔය පිටාර ගැලීම නිසා එළුවන්කුලම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන දොරටුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
එළුවන්කුලම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ, එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවී ඒකකය විසින් මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ජල ධාරිතාවයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලා ඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුව නිසා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදෙස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියේ.
ඒ අනුව දින කිහිපයක් පුරා ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹීමේ අවස්ථාව අහිමි වන බවද ඔවුන් සඳහන් කර සිටියා.