දිවි සැරිය නිම කළ වික්ටර් අයිවන්

දිවි සැරිය නිම කළ වික්ටර් අයිවන්

මෙරට ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ඔහු අද (19) අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට වික්ටර් අයිවන් මහතා 75 වන වියේ පසුවූ අතර ඔහු මෙරට ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ ප්‍රමුඛයා ලෙසයි සැලකෙන්නේ.

රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා වූ ඒ මහතා 71 කැරැල්ල, චෞර රැජින, නොනිමි අරගලය වැනි මතභේදාත්මක ග්‍රන්ථ රැසක් රචනා කළ අයෙකු වනවා.

Share This