ප්‍රකාශයක් දෙන්න මනූෂ CIDයට

ප්‍රකාශයක් දෙන්න මනූෂ CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා එම දැනුම්දීම සිදු කරනු ලැබුවා.

Share This