රටේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පියවර
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමින්
ඵලදායි හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේදී වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.
එමෙන්ම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමේ ආකාරයද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මේ සාකච්ඡාවේදී සලකා බලා තිබෙනවා.
පසුගිය රජයෙන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණය වෙන් කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදාගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්වී තිබෙනවා.
වී මිලදී ගැනීම සඳහා සහල් නිෂ්පාදනය ලබාදෙන ණය මුදල් වසරක් ඇතුලත නැවත අය කර ගනිමටත්, එම ව්‍යාපාරිකයින් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.
ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කම ද සඳහන් කළා.
දැනට පවතින සහනාධාර ලබාදෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනාගනිමින් සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කරගැනීමේ හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වී ඇති බව සඳහන්.