පොල් ආනයනයට සැරසෙයි?
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දැනට පවතින පොල් හිඟයට පොහොර මිල ගණන් ඉහළ යාම ප්‍රධානතම හේතුව වී ඇති අතර අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වාදෙන්නේ.
මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව සඳහන්.
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙනවා.
මෙම වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය විසින් පුරෝකථනය කර ඇති බව සඳහන්.