ඉමදූව අඟුලුගහ ප්‍රදේශයේදී බස් රථ 03ක් ගැටී දරුණු අනතුරක්

ඉමදූව අඟුලුගහ ප්‍රදේශයේදී බස් රථ 03ක් ගැටී දරුණු අනතුරක්

ගාල්ල, ඉමදූව අඟුලුගහ ප්‍රදේශයේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 29 දනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉන් සිව් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් ඉමදූව රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මාර්ගයේ නවතා තිබූ බස් රථයක, ධාවනය වෙමින් තිබූ අනෙක් බස් රථ දෙක එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Share This