ලෝක බොරතෙල් මිල ඉහළ යයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ බොරතෙල් මිල ගණන්හි පහළ යාමක් පෙන්නුම් කළ නමුත් අද (26) ඒවායේ මිල ගණන්හි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.66ක් ලෙස සටහන් වී ඇති අතර 0.05ක් ලෙස එහි ඉහළ යාම පෙන්නුම් කරනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.50ක් ලෙසයි දැක්වෙන්නේ.
එය 0.27ක මිල ඉහළ යාමක් වනවා.