ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදාව භාරයට

ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදාව භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම ධීවරයින් සිය භාරයට ගෙන ඇති ඇති බව සඳහන්.

එම ධීවරයින් පිරිස පැමිණි යාත්‍රා 03ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.

Share This