කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් තිස් දෙනෙකු මිය යයි

කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් තිස් දෙනෙකු මිය යයි

ලොව විශාලතම ආගමික උත්සවය වන උතුරු ඉන්දියාවේ පැවැත්වෙන කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රයග්‍රාජ් නගරයේ ගං ඉවුරුවල සිටි බැතිමතුන් චාරිත්‍රානුකූල ස්නානය කිරීමේ පූජනීය දිනයකට සහභාගී වීමට දිව යන අනෙකුත් බැතිමතුන් හා තෙරපීම හේතුවෙන් මෙය සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් 90 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මියගිය අයගෙන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එරට පොලීසිය වාර්තා කර තිබෙන්නේ.

Share This