අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරේ 19 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරේ 19 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

අමෙරිකාවේ වොෂින්ටන් හි ඩීසී ගඟට ඉහළින් මගී ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 19 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රාත්‍රී පුහුණු අභ්‍යාසයක් අතරතුර එක්සත් ජනපද හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක්​ ගුවනේදී පුද්ගලයින් 64 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක ගැටී ඇති බවයි

අනතුර සිදුවන අවස්ථාවේ බ්ලැක් හෝක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ

කැන්සාස් හි විචිටා සිට වොෂින්ටනයේ රේගන් ජාතික ගුවන්තොටුපළ දක්වා පියාසර කළ ග-ුවන් යානය ගොඩබැස්වීමට සූදානම්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත්තේ

Share This