අන්තරායක බහලුම් නිෂ්කාශනය කරන්න අවසර දුන්නේ කවුද? -සජිත්ගෙන් ප්‍රශ්නයක්-

අන්තරායක බහලුම් නිෂ්කාශනය කරන්න අවසර දුන්නේ කවුද? -සජිත්ගෙන් ප්‍රශ්නයක්-

බලහුම් නිෂ්කාශනය අඩපණ වීම නිසා ඇතිවූ තදබදය හේතුවෙන් කිසියම් වැරදි කටයුත්තක් සිදුවූ බවත් එහිදී ආනයනික බහලුම් අතරින් 80% ක් වූ රතු ලේබල් සහිත බහලුම් පවා රාජ්‍ය උපදෙස් සහිතව ඉවක් බවක් නොමැතිව නිදහස් කර ඇති බව මෙන්ම රේගු වෘත්තීය සමිති මේ සියලු දේ ගැන ප්‍රශ්න කරමින් බහලුම් තුළ තිබූ දේවල් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අවස්ථාවේ රජය මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව පවසන විපක්ෂ නායකවරයා රජයට මේ තුළ නිත්‍යානුකූල දේවල් නොමැති බවට ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් සිටියා.

එමෙන්ම මෙම බහලුම් තුළ ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් නොමැති බවට පවසන්නේ කෙසේද යන්නත් මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළ බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ පැවති හමුවකදී.

මෙම ක්‍රියාවලියෙන් රටට හානියක් වූ බවත් බදු ආදායම අහිමි වීම කිසිඳු පරික්ෂාවට ලක් නොවූ අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයාට නිදහස් වී ඇති බව මෙන්ම මෙම සියල්ල ස්කෑන් නොකර රජය වගකීම බාර ගන්නේ කෙසේද යන්නයි ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේ.

තවමත් බහලුම් ප්‍රවාහන නිලධාරියාගේ ගැටලුවට විසඳුම් නොමැති බවත් රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් මෙම විෂය ගැන රජයට දැනුමක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේවාට රජයෙන් උත්තර අවශ්‍ය බවත් මේවා මඩ නොවන බවයි.

මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් මේවා නිදහස් කරන්න නියෝග දුන් අය ගැන අනාවරණයක් කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.

Share This