
ජනපති ට්රම්ප්ගෙන් රටවල් කිහිපයකට තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට නව තීරුබදු ප්රමාණයක් පනවා ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් සඳහා 25% තීරු බද්දක් සහ චීනයට 10% තීරු බද්දක් පනවා ඇති බව සඳහන්.
කෙසේවෙතත් ජනපති ට්රම්ප් මින් පෙර අවස්ථාවකදී සඳහන් කර සිටියේ කැනේඩියානු තෙල් සඳහා 10% ක අඩු තීරුබදු පැනවීමක් සිදුවන බවත්, එය පසුව පෙබරවාරි 18 වන දින සිට ක්රියාත්මක විය හැකි බවයි.
එමෙන්ම අනාගතයේදී යුරෝපීය සංගමයට තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.