නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

අද (01) පෙරවරුවේ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන්

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This