
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව බොරතෙල් මිල ගණන් හි පහළ යාමක් මෙලෙස (02) අද දිනයේ පෙන්නුම් කර ඇති බව සඳහන්,
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.53ක් ලෙස සටහන් වී ඇති අතර සියයට 0.27ක අඩු වීමක් ලෙස පෙන්නුම් කර තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.67ක් ලෙසයි දැක්වෙන්නේ.
එය සියයට 0.29ක අඩු වීමක් ලෙස සටහන් වී තිබෙනවා.