
ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.