
ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – 77 වන නිදහස් දිනයට සියල්ල සූදානම්
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා
ඒ අනුව අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ
එමෙන්ම හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙනවා
මෙවර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර ඇති අතර ඉකුත් වසරේ ගුවන් යානා 19ක් නිදහස් දින උත්සවය වෙනුවෙන් යොදාගෙන ඇති අතර මෙවර ජාතිය කොඩිය ගුවනින් ගෙන යෑම සඳහා ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ
සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැත්වීම මෙවර ද පැවැත්වෙනවා