තිදෙනෙකුට මරු කැදවූ දුරදිග ගිය ආරවුල

තිදෙනෙකුට මරු කැදවූ දුරදිග ගිය ආරවුල

අම්බලන්තොට, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා

අද (02) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත්තේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙනුයි

පොලීසිය පැවසුවේ බරපතළ තුවාල ලැබූ ඔවුන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි

මෙලෙස මියගොස් ඇත්තේ 29, සහ 45 යන වයස්වල පසුවන ඇලේගොඩ, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන්

මේ සම්බන්ධයෙන් සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This