
අගමැති හරිනි සහ මෙරට රුවන්ඩා මහ කොමසාරිස්වරිය අතර හමුවක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් Jacqueline Mukangira මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති එම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය එහිදී යළිත් අවධාරණය කර තිබෙනවා.
දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්වීපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.