හානි වූ වගාවන් පරීක්ෂා කිරීම අවසන් -වන්දි මුදල් ගෙවීම ඇරඹෙයි

හානි වූ වගාවන් පරීක්ෂා කිරීම අවසන් -වන්දි මුදල් ගෙවීම ඇරඹෙයි

ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර ඇති අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා දැනටමත් වන්දි මුදල් නිදහස් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ.

එමෙන්ම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත් සඳහා වන වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අක්කර 4324.06ක ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා ගොවීන් 3272 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 70ක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම මාසය අවසන් වීමට පෙර සෙසු දිස්ත්‍රික්කවල වගා හානි වෙනුවෙන් වන්දි මුදල් නිදහස් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This