
IMF නියෝජිතයන් හමුවූ ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා.
එම අරමුදල් විසින් එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව එහිදී අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අද (06) ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවුණා.
අදාළ වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය දැනටමත් එළඹ තිබෙනවා.
එම සමාලෝචනයේ කරුණු මෙම වසරේ පෙබරවාරි අග වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව ද අදාළ සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.
IMF විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදාහැරීමට නියමිතයි.