පන්නිපිටිය ක්‍රිස්තුරාජ ව්ද්‍යාලයීය ක්‍රීඩා උත්සවයේ පළමු තැන නිර්මල නිවාසයට

පන්නිපිටිය ක්‍රිස්තුරාජ ව්ද්‍යාලයීය ක්‍රීඩා උත්සවයේ පළමු තැන නිර්මල නිවාසයට

පන්නිපිටිය ක්‍රිස්තුරාජ ව්ද්‍යාලයීය වර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට නිර්මල නිවාසය සමත් වුණා

එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් හිමි කරගත්තේ දීප්ති නිවාසය සහ කීර්ති නිවාසයයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉමාෂ් ජූඩ් ජයරත්න සම්මානයට දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිලෝකා සලෝමි සම්මාන හිමි කර ගත්තා

මලල ක්‍රීඩා, පාපන්දු , ක්‍රිකට් , දැල් පන්දු , පිහිනුම්, චෙස්, බැඩ්මින්ටන් සහ කරාතේ යන ක්‍රීඩා ඉසව් ද බාලදක්ෂ , බාල දක්ෂිකා යන ක්‍රීඩා අංශ නියෝජනය වන පරිදි මෙම ක්‍රීඩා උළෙල පැවැත්වුණා

විද්‍යාලයීය විදුහල්පති මාධවී ඉලංගසිංහ පැවිදි සොයුරියගේ උපදෙස් මත ක්‍රීඩාභාර ආචාරිණී රෝහිණි කොළඹගේ මහත්මියගේ සහ සංවිධායක මණ්ඩලයේත් පාසලේ ආචාර්‍ය මණ්ඩලයේත් මැදිහත්වීමෙන් මෙම ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබුණා

 

 

Share This