STF එකට සමුදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර

STF එකට සමුදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර

වසර හතරක කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී තනතුරේ වගකීම් ඉටු කරමින් ඒ වෙනුවෙන් නායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ලබන 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුවීම් ලබා තිබෙනවා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ වරුණ ජයසුන්දර මහතා 2001 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබෙනවා.

අනතුරුව උතුර, නැගෙනහිර, ඌව, බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තම සේවාව ලබා දුන් වරුණ ජයසුන්දර මහතා පසුව විශේෂකාර බලකායට එක්වුණා.

ඔහුගේ ගමන් මග පිළිබඳව සඳහන් කිරීමේදී බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ 2020 වසරේ ජනවාරි මස 30 වන දින සුවිශේෂී මතක සටහන් තබමින් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොකළ මත් ද්‍රව්‍ය මෙහෙයුමක් සිදු කළේ එකම ස්ථානයකදී පොලිසිය විසින් සිය භාරයට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවි තොගය ආරක්ෂක අංශ භාරයට ගනිමින්

ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 192 ක් සහ පිස්තෝල අවි දහයක් පොලිස් භාරයට ගැනීමට හැකි ඔහුගේ මග පෙන්වීම යටතේයි

එවැනි ආකාරයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටි ඒ මහතාට 2020 වසරේ ජුනි මස විශේෂ කාර්ය බලකාය භාර දෙනු ලැබුවේ එවකට පැවැති අභියෝග හමුවේ සිය වගකීම සහ යුතුකම ඉටුකිරීමටයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නීතිඥ වරුණ ජයසුන්දර මහතා එම අභියෝගය භාරගනිමින් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් තම කාර්යභාරය උපරිම අයුරින් ඉටු කරමින් සමස්ත රට වැසියා වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමේ කටයුතු ආරම්භ කළා.

සංවිධානාත්මක අපරාධ මර්ධනය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම තම ප්‍රමුඛතම කාර්යභාරයක් වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු කළේ පාසල් දරුවන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වීම වැළැක්වීමයි.

ඒ අනුව වසර හතරයි මාස අටක කාලය තුළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලී සාමාජිකයින් එකසිය අසූ පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

තවද ටී 56 වර්ගයේ ගිනි අවි 42ක් මිලිමීටර් නවය වර්ගයෙන් ගිනි අවි 78ක් , revolver 35ක් ඇතුළු විවිධ වර්ගයේ ගිනි අවි එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වුණේ ඔහුගේ නායකත්වයෙනුයි

ඊට අමතරව හෙරොයින් කිලෝ ග්‍රෑම් 350කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 6800ක් සහ දේශීය ගංජා කිලෝ ග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට විශේෂකාර බලකායට සිය නායකත්වය දෙනු ලැබුවේ නීතිඥ වර්ණ ජයසුන්දර මහතාගේ සේවා කාලයේදී.

එපමණක් නොව මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් කුලී ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂකර බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරු වලදී සැකකරුවන් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා

වසර හතරයි මාස අටක සේවා කාලය පිළිබඳව සඳහන් කිරීමේදී සඳහන් කළ යුතු කාරණාව වන්නේ සේවා කාලය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න නිලධාරියකු ලෙසයි.

තවද විශේෂකාර බලකා හිටපු අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමේ දී මානුෂ්‍යය මෙහෙයුම හරහා ඉටුකලේ දැවැන්ත කාර්යභාරයක්.

එල්ටීටීඊ සංවිධානය මාවිල්ලාරු වේල්ල වසා දැමූ අවස්ථාවේ එය මුදා ගැනීමට යුද හමුදාව පෙරමුණට යාමයේදී එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකළා

තවද ත්‍රස්තවාදීන් විසින් අවහිර කර තිබූ ප්‍රධාන සැපයුම මාර්ගයක් වූ ඕමන්තේ සිට එළුවන්කුලම දක්වා කිලෝමීටර දහයක් දුරින් වූ කොටස ක් 2009 පෙබරවාරි මස 9 වැනිදා පැය විසි හතරක් තුළ බට පිරිස් වලට ගමන් කළ හැකි පරිද්දෙන් මුදාගෙන යුද හමුදාවට අවශ්‍ය අපහසුකම් සැපයීමට නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් යුතු බට පිරිසට හැකි වුණා.

 

Share This