
අර්චුනා යළි පටලැවිල්ලක
යාපනය, වාලම්පුරි ප්රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා විසින් කළ බව කියන පහරදීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි.